අධිකරණයට අපහාස කළ බව කියූ සිද්ධියට අදාළ පෙත්සම කැඳවන්න දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නම් කෙරුණි.

මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *